ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට දීර්ඝ කාලයක් පුරා මහත් මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ නිරූපණ සහ රංගන ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අවසන් කටයුතු අද (02) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙ.ව 8 සිට බොරැල්ලේ පිහිටි ‘ජයරත්න රෙස්පෙක්ට්’ අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තැබීමට කටයුතු යොදා තිබේ.ඒ අනුව කලා ක්ෂේත්‍රයේ සහ ඇයගේ රසික පිරිසට ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමි වේ.අනතුරුව ප.ව 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව පවුලේ සමීපතමයෝ දැනුම් දෙති.චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට මෙන්ම ඇයගේ රංගන ප්‍රතිභාව අගය කළ රසික ජනතාවටද මහත් සංවේගයක් ගෙන දී තිබේ.