පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේශපාලන හා සමාජ ජීවිතය පුරා ඔහුගේ සෙවනැල්ලක් මෙන් රැඳී සිටි ශෙරින් තෙවරප්පෙරුම මහත්මිය, තමන් ගැන සිතීමට වඩා අනුන්ගේ අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වූ සිය සැමියාගේ දිවි ගමනට ශක්තියක් වූ චරිතයක් ලෙස ප්‍රදේශවාසීන් අතර ගෞරවයට පාත්‍රව සිටි බව ඥාතීහු සඳහන් කරති.පාලිත තෙවරප්පෙරුම මහතාගේ හදිසි අභාවයෙන් අනතුරුව ඇයට දේශපාලනයට පිවිසෙන ලෙස විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණ ද, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ ඇය ඉන් අනතුරුව නිහඬ දිවි පෙවෙතකට යොමුව සිටියාය.සැමියාගේ දේශපාලන හා සමාජ කටයුතුවලදී ඔහු සමඟ සමීපව කටයුතු කළ ශෙරින් තෙවරප්පෙරුම මහත්මිය ප්‍රදේශවාසීන්ගේ ආදරය හා ගෞරවය දිනාගත් තැනැත්තියක වූ බව ද සඳහන් වේ.ශෙරින් තෙවරප්පෙරුම මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) මතුගම පාන්තිය ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත ය.

කාලීන පුවත්