ප්රංශයේ පැරිස් නුවරට නිරිත දෙසින් පිහිටි තදාසන්න ප්රදේශ දෙකක සිදු වූ වෙඩි තැබීම් මාලාවක් ජාතිවාදී ත්රස්ත ප්රහාරයක් ලෙස ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් හඳුන්වා තිබේ.විදෙස් මාධ්ය වාර්තා කරන පරිදි මෙම වෙඩි තැබීම් සිදුව ඇත්තේ පැරිස් නුවරට කිලෝමීටර 30ක් පමණ බටහිරින් පිහිටි ට්රැප්ස් (Trappes) සහ ඊට ආසන්න ලා වේරියර් (La Verrière) යන ප්රදේශවලදී ය.මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් පිරවුම්හලක්, වෛද්ය මධ්යස්ථානයක් සහ ළමා ක්රීඩාංගණයක් අසල සිටි පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම ප්රහාරය එල්ල කර ඇත. විනාඩි 15ක පමණ කාලයක් තුළ ස්ථාන තුනකදී අහඹු ලෙස පාරේ සිටි පිරිස් වෙත වෙඩි තබා ඇති බව සඳහන් වේ. ප්රහාරයට ලක්ව ඇත්තේ සංක්රමණික පිරිසකි. ට්රැප්ස් නගරාධිපති අලි රබේ පවසන්නේ තුවක්කුකරු “අහඹු ලෙස වෙඩි තබමින් ලේ වැගිරීමක් සිදු කිරීමට උත්සාහ කළ” බවයි.මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන් අතර 12 හැවිරිදි දැරියක ද වනවා. ඇයට වෙඩි පහරවල් 8ක් වැදී ඇති අතර මේ වන විට ඇය දැඩි ශල්යකර්මයකට ලක් කර තිබේ.මියගිය පුද්ගලයා අප්රිකානු සම්භවයක් සහිත අයෙකු බවට හඳුනාගෙන ඇත. තුවාල ලැබූ 12 හැවිරිදි දැරියගේ මව පවසන්නේ, සිය දියණිය හිස වසා ගන්නා සලුවක් පැළඳ සිටි බැවින් ඇය ඉලක්ක කළාදැයි සැකයක් පවතින බවයි.සිද්ධිය වූ ස්ථානයට පැමිණි ජනාධිපති මැක්රොන් පවසා ඇත්තේ, “මෙම පුද්ගලයින් ඉලක්ක කර ඇත්තේ ඔවුන්ගේ සමේ වර්ණය හෝ පෙන ආගම නිසා මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන” බවයි. එමෙන්ම “ප්රංශයේ මෙවැනි දෙයට කිසිදු ඉඩක් නැත” යනුවෙන් ද, මෙම පිළිකුල් සහගත ක්රියාව දැඩිව හෙලා දකින බව ද ඔහු ප්රකාශ කර තිබේ.මෙවැනි අන්තවාදී මතවාද හමුවේ කිසිසේත්ම පසුබැස නොසිටින ලෙස සියලු ප්රංශ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමට ද ජනාධිපතිවරයා අමතක කර නැත. එලිසේ මාලිගය ද මෙම ප්රහාරය “ජාතිවාදී, ත්රස්ත ප්රහාරයක්” ලෙස නිල වශයෙන් හඳුන්වා තිබේ.ප්රහාරය එල්ල කළ පුද්ගලයා 39 හැවිරිදි ‘කෙවින් ටී’ නමැත්තෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, පළමු වෙඩි තැබීමෙන් මිනිත්තු 20ක් පමණ ඇතුළත ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. මෙම පුද්ගලයා මීට පෙර ද වැරදි කිහිපයකට චෝදනා ලැබූවෙකු බව හඳුනාගෙන ඇතත්, ප්රංශයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වූ පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඔහු ඇතුළත්ව සිට නැත.වැඩිදුර විමර්ශන සඳහා සැකකරුගේ පවුලේ සමීපතමයෙකු ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ප්රහාරය සඳහා දෙවන ලෝක යුද සමයේ භාවිත කළ පැරණි වර්ගයේ අර්ධ ස්වයංක්රීය ගිනි අවියක් භාවිත කර ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කරයි.