මන්දාරම්නුවරට AI සංචාරක උපදේශන සේවාවක්

AI තාක්ෂණය තුළින් බලගැන්වෙන සංචාරක උපදේශන සේවාවක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුල්වරට ආරම්භ කෙරුණි.මතුරට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

වඩාත් ජනප්‍රිය වු සංචාරක කලාපයක් වන මන්දාරම්නුවර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිංහල , දෙමළ හා ඉංග්‍රිසි භාෂා ඇතුලත් භාෂා 6කින් මෙම උපදේශන සේවාව ක්‍රියාත්මක වෙයි.මන්දාරම්නුවර විව්පොයින්ට් හි මෙම උපදේශන සේවාවට අයත් කිව් ආර් කේත ප්‍රදර්ශනය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් විජේරත්න මහතා ඇතුළු පිරිසක් මෙය හඳුන්වාදීමේ අවස්ථාවට සහභාගී විය.

 

කාලීන පුවත්