IMF ණය ගැන අසුබ ආරංචියක්

ශ්‍රී ලංකාවට ණය ලබාදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් එය ඉතා දරුණු තත්වයක් බවත් ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීවන් හැන්කේ සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් සඳහන් කරයි.ඔහු වැඩිදුරටත් සඳහන් කරනුයේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන් දහසයකට සම්බන්ධ වී ඇති නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක වී නැති බවය.මේ අතර බංකොලොත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට සහන පැකේජයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති සාකච්ඡා ද එකඟතාවකින් තොරව අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාලීන පුවත්