UPI අද (12) සිට මෙරට ඇරඹේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI අද (12) සිට ආරම්භ කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI යනුවෙන් හඳුන්වන්නේ ජංගම දුරකතනයක් භාවිතයෙන් ක්ෂණිකව පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පුද්ගලයාගෙන් වෙළෙන්දාට ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඩිජිටල් ගෙවීම් පද්ධතියකි.

2016 වසරේ ඉන්දියාව තුළ ආරම්භ කෙරුණු මෙය දැනට ඉන්දියාව තුළ ජනප්‍රියම ගෙවීම් ක්‍රමවේදය ද වනු ඇත.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේ, UPI හෙවත් අනන්‍ය ගෙවීම් වේදිකාව මාර්ගගත ක්‍රමය හරහා අද දිනයේ නිල වශයෙන් දියත් කෙරෙන බවයි.

කාලීන පුවත්