අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.එහි ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්රධානී රෝහණ වත්තගේ මහතා ප්රකාශ කළේ, පසුගිය අටවෙනිදා සිට 18 වෙනිදා දක්වා බස් රථ 680ක් පරීක්ෂා කළ බවයි.
එහිදී මගීන්ගෙන් අධික මුදල් අය කළ බස්රථ 80ක් සොයාගත් අතර මගීන්ගෙන් ලබාගත් එම අධික මුදල් යළිත් ඔවුන් වෙත ලබාදීම කටයුතු කළ බවත් බස් රථ පරිපාලනයට දඩ නියම කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා කියා සිටියි.
ඒ අනුව ඊයේ (18) දින තුළ පමණක් බස්රථ 150කට ආසන්න ප්රමාණයක් පරීක්ෂා කර ඇති අතර ඉන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 12ක් සොයාගත් බව රෝහණ වත්තගේ මහතා කියා සිටියි.මෙම බස්රථ වැටලීම ලබන 21 වෙනිදා දක්වා පැය 24 පුරාවටම ක්රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.
ඒ අනුව හයිලෙවල් මාර්ගයේ හංවැල්ල කලුඅග්ගල ප්රදේශයේදී බස් රථ පරීක්ෂාවක් සිදු කර ඇත.