අසරණ සුනඛයන්ට එලව එලවා පහර දුන් බැංකු නෝනා හෙට අධිකරණයට මහරගම, පතිරගොඩ ප්‍රදේශයේදී සුනඛයන්ට අමානුෂික ලෙස පහරදීමේ චෝදනාවට ලක්ව සිටින කාන්තාව හෙට (10) වන දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.වාර්තා වන අන්දමට,උපාධිධාරී රාජ්‍ය බැංකුවක විධායක නිලධාරිනියක ද වන පතිරගොඩ වෙල පාර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව විසින් ඉකුත් වෙසක් පෝ දින පවා මහමඟ වෙසෙන සුනඛයන්ට එලව එලවා අමානුෂික පහරදෙන අයුරු දැක්වෙන දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ප්‍රදේශවාසීන් සහ සත්ව සුභසාධන ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය එල්ල විය. ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර පොලිස් ඇප මත ඇය නිදහස් කරන ලදී.අදාළ විමර්ශනවලින් අනතුරුව සැකකාර කාන්තාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. හෙට ඇය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියම කර ඇත්තේ ඒ අනුව ය.