කොළඹට විශේෂ ඩෙංගු මර්දන සතියක්

කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන සතියක් ජුනි මස 15වනදා සිට 21වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව තීරණය කර තිබේ.

දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගෙන් 25.8%ක්ම කොළඹ දිස්ත්‍රිකයෙන් හමුවී තිබෙන බවයි වාර්තාවෙයි.

ඒ හේතුවෙන් එම කලාපය ‘අධි අවදානම්’ දිස්ත්‍රික්කයක් ලෙස නම් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කර තිබේ.

කාලීන පුවත්