තවත් ඩීසල් නෞකා දෙකක් අද (06) සහ හෙට (07) දිවයිනට ළඟා වීමට නියමිත වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ, අද දිනයේ ඩීසල් මෙට්රික් ටොන් 39,700 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බවයි.
හෙට දිනයේද එවැනිම ඩීසල් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව සංස්ථාව ප්රකාශ කරයි.