
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය තුළ සාම්ප්‍රදායික පන්න ක්‍රම සහ නවීන යාන්ත්‍රික ක්‍රම අතර පවතින ගැටුම, අද වන විට බරපතළ සමාජ-ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. මෙහිදී විශේෂයෙන්ම මීගමුව, වැල්ලවීදිය වැනි වෙරළාසන්න ප්‍රදේශ ඇතුළු අප රටේ වයඹ සහ බස්නාහිර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන තෙප්පම් ධීවර කර්මාන්තය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. තෙප්පම යනු ශ්‍රී ලංකාවේ වෙරළාසන්න මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා ඉතා පැරණි, පරිසර හිතකාමී සහ යාන්ත්‍රික නොවන පන්න ක්රමයකි. මෙම ධීවරයන් ප්‍රධාන වශයෙන්ම යැපෙන්නේ වෙරළේ සිට නාවික සැතපුම් කිහිපයක් ඇතුළත හමුවන මත්ස්‍ය සම්පත මත වුවද, මෑත කාලීනව යාන්ත්‍රික බෝට්ටු මඟින් සිදුකරන නීති විරෝධී පන්න ක්‍රම හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය දැඩි තර්ජනයට ලක්ව ඇත.

මෙම ගැටුමේ මූලිකම සාධකය වන්නේ ‘කොටු දැල්’ සහ ‘පෝඩු දැල්’ වැනි අහිතකර පන්න ක්රමයන්ය. ‘කොටු දැල්’ යනු සාමාන්‍යයෙන් කුඩා සිදුරු සහිත දැල් භාවිත කරමින්, මුහුදේ ස්වාභාවික මත්ස්‍ය අභිජනන කලාප කොටු කරමින් සිදුකරන විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්රමයකි. මින් කුඩා මසුන් පවා විනාශ වන බැවින් සාම්ප්‍රදායික තෙප්පම් ධීවරයන්ට හිමිවිය යුතු මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහත වැටේ. පවතින ගැසට් නිවේදන හා නීති රීතිවලට අනුව, වෙරළේ සිට කිලෝමීටර් 2ක හෝ නාවික සැතපුම් නිශ්චිත සීමාවක් තුළ රැකියාව කිරීමේ ප්රමුඛ අයිතිය හිමිවිය යුත්තේ තෙප්පම් සහ ඔරු වැනි යාන්ත්‍රික නොවන ධීවරයන්ට වුවද, බලධාරීන්ගේ නිසි නීතිමය මැදිහත්වීමක් නොමැති වීම නිසා මෙම සීමා නිරන්තරයෙන් ආක්‍රමණයට ලක්වේ.
නීති විරෝධී පන්න ක්‍රම සහ බලධාරීන්ගේ නිහඬතාව
මෙම ගැටුමේ මූලිකම සාධකය වන්නේ ‘කොටු දැල්’ සහ ‘පෝඩු දැල්’ වැනි අහිතකර පන්න ක්රමයන්ය. ‘කොටු දැල්’ යනු සාමාන්‍යයෙන් කුඩා සිදුරු සහිත දැල් භාවිත කරමින්, මුහුදේ ස්වාභාවික මත්ස්‍ය අභිජනන කලාප කොටු කරමින් සිදුකරන විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්රමයකි. මින් කුඩා මසුන් පවා විනාශ වන බැවින් සාම්ප්‍රදායික තෙප්පම් ධීවරයන්ට හිමිවිය යුතු මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහත වැටේ. පවතින ගැසට් නිවේදන හා නීති රීතිවලට අනුව, වෙරළේ සිට කිලෝමීටර් 2ක හෝ නාවික සැතපුම් නිශ්චිත සීමාවක් තුළ රැකියාව කිරීමේ ප්රමුඛ අයිතිය හිමිවිය යුත්තේ තෙප්පම් සහ ඔරු වැනි යාන්ත්‍රික නොවන ධීවරයන්ට වුවද, බලධාරීන්ගේ නිසි නීතිමය මැදිහත්වීමක් නොමැති වීම නිසා මෙම සීමා නිරන්තරයෙන් ආක්‍රමණයට ලක්වේ. දශකයකටත් වඩා වැඩි කාලයක් පුරා මෙම ගැටලුව පවතින අතර, ධීවර බලධාරීන් ලබාදෙන පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම නිසා කුඩා පරිමාණ ධීවරයා අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටියි.

ධීවර ප්‍රජාව සහ කතෝලික පල්ලිය අතර ඓතිහාසික සබැඳියාව
මෙම ධීවර ප්‍රජාවගේ ඓතිහාසික හා සමාජීය පසුබිම පරීක්ෂා කිරීමේදී, හලාවත සිට මීගමුව හරහා මෝදර දක්වා විහිදෙන බටහිර වෙරළ තීරයේ ධීවර ජනාවාසවල බහුතරය කතෝලික බැතිමතුන්ගෙන් සමන්විත වේ. පෘතුගීසි යුගයේ සිටම මෙම ප්‍රදේශවල ධීවර කර්මාන්තය හා කතෝලික පල්ලිය අතර පවතින්නේ අවියෝජනීය සබඳතාවකි. අතීතයේ සිටම ධීවර කටයුතු නියාමනය කිරීම, ධීවර සමිති පවත්වාගෙන යාම සහ ගැටලු නිරාකරණය කිරීමේදී පල්ලියේ මැදිහත්වීම සුවිශේෂී විය. විශේෂයෙන්ම ‘මා දැල්’ වැනි මහා පරිමාණ පන්න ක්‍රම පල්ලිය සතු වීම හෝ පල්ලියේ අධීක්ෂණය යටතේ පැවතීම තුළින් ධීවර ආර්ථිකය පාලනය කිරීමේ බලයක් ආගමික සංස්ථාවට හිමි විය. එමෙන්ම විවිධ පන්න ක්‍රම මඟින් ධීවර කර්මාන්තයේ යෙදෙන කතෝලිකයන් ශුද්ධ වූ බයිබලය මත පදනම් වූ සර්ව සාධාරණ ආගමික අනසකට යටත් වූ අතර, පල්ලියේ පියතුමන්ලා විසින් ප්‍රසිද්ධියේ විසඳන ලද අඩුලුහුඬුකම් හා ගැටලු මඟින් ධීවර ගැටුම් අතිශයින් සීමා වූ බව ප්‍රකට කරුණකි. මෙය මීට දශක කිහිපයකට පෙර මෙම මීසම්වල සේවය කළ යුරෝපීය පියතුමන්ලා අතින් පවා ඉටු වූ ඉතා වැදගත් ප්‍රජා මෙහෙවරකි.

වාණිජ්‍යකරණය සහ පූජක පක්ෂයේ වෙනස්වන භූමිකාව
එසේ වුවද, වර්තමානය වන විට මෙම සාම්ප්‍රදායික ව්‍යුහයන්ට ද නවීන වාණිජමය බලපෑම් හමුවේ තෙප්පම් ධීවරයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නොහැකි වී ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම ගත වූ දශක කිහිපය තුළ අප රටේ ධීවර තාක්ෂණය දියුණු වීමත් සමඟ ධීවර කර්මාන්තය මඟින් ධනවත් පැලැන්තියක් බිහිවීමත්, ඔවුන් ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් එතෙක් පල්ලිය සතුව පැවැති ආධිපත්‍යය බිඳ දැමීමත්, වත්මන් තෙප්පම් ධීවරයන් මුහුණ දෙන ඛේදනීය තත්ත්වයට හේතු වී තිබේ. එමෙන්ම හලාවත සහ කොළඹ පදවිවලට අයත් ධීවර ජනතාව උදෙසා අතිශය සාධනීය කැප කිරීමක් කළ පියතුමන්ලා වෙනුවට, තම සේවා ප්‍රදේශයේ ප්‍රජා මට්ටම නොතකා ගෝලීය මට්ටමක් ගැන සිතන නව පූජක පරපුරක් එම මීසම්වල සේවයට එක්වීම නිසා, අසරණ වන එම ප්‍රදේශවල ධීවර ප්‍රජාවගෙන් සැලකිය යුතු කොටසක් තම ජන්ම ඇදහීම වූ කතෝලික භක්තිය අතහැර මූලධර්මවාදී කිතුනු නිකායන් හා සම්බන්ධ වන බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි. මෙය කතෝලික සභාව ද ඉතා හොඳින් දන්නා කරුණකි.

ආගමික සහනශීලීත්වය ගිලිහී යාම
නමුත් පාස්කු ප්‍රහාරය මුල් කොට අදටත් අනවරත හඬක් නඟන කතෝලික සභාව, ඉහත කී ධීවර ප්‍රජාව තමන් පාරම්පරිකව හිමිකරගත් ආගමික සහනශීලීත්වය අහිමි වීම නිසා ජාත්‍යන්තර බලවේග මඟින් මෙහෙයවන මූලධර්මවාදී නිකායන් වෙත සම්ප්‍රේෂණය වීම සිනාමුසු මුහුණින් ඉවසා දරා සිටීම ඛේදනීය සරදමකි. ඒ සඳහා අතීතයේ හලාවත පදවිය ආරක්ෂා කළ ඉන්ද්‍රඛීලයන් සේ නොසැලෙන රදගුරු උතුමන්ලා ජාතියට අහිමි වීම ද මුල් වූ බව වැඩිහිටියෝ පවසති.
“ඉස්සර වගේ නෙවෙයි, දැන් මේ පල්ලිවලට එන තරුණ ස්වාමිලා හරිම ‘මොඩ්’. ඒ හින්දා උන්වහන්සේලා ඇසුරු කරන්නෙත් ‘මොඩ්’ අයව විතරයි. ඒ වගේම උන්වහන්සේලා හිතන්නේ අපි හැමෝමත් ඒ වගේ ‘මොඩ්’ වෙන්න ඕනෙ කියලයි. ඒත් හැමෝටම එක වගේ ‘මොඩ්’ වෙන්න බැරි බව උන්වහන්සේලා තේරුම් ගන්නෙ නෑනේ,”
යනුවෙන් හලාවත වයෝවෘද්ධ පාරම්පරික ධීවරයකු කළ ඒ අහිංසක කතාව කතෝලික සභා බිත්ති හතර තුළ දෝංකාර දිය යුත්තක් බව අපි සිතමු.

අයථා අන්‍යාගම්කරණය සහ සමාජ බලපෑම
ශ්‍රී ලංකාවේ ආගමික සහ සමාජයීය ව්‍යුහය තුළ මෑත කාලීනව සිදුවන අයථා අන්‍යාගම්කරණ ක්‍රියාවන් පිළිබඳව නිරීක්ෂණය කිරීම ද මීට සමගාමීව කළ යුත්තකි. සාම්ප්‍රදායික ආගමික රාමුවලින් බැහැරව ක්‍රියාත්මක වන ඇතැම් නව ආගමික කණ්ඩායම් (New Religious Movements) මඟින් සිදුවන බලපෑම ඔස්සේ වෙරළබඩ ධීවර ප්‍රජාව මෙන්ම වතුකරයේ ජනතාව, අගනුවර නොවිධිමත් ආදායම්ලාභී ජන කොටස් සහ දුෂ්කර ගම්මානවල කතෝලික පිරිස් මෙම අයථා අන්‍යාගම්කරණයට පහසුවෙන් ගොදුරු වන බව නිරීක්ෂණය වේ. යාඥාවෙන් රෝග සුව කිරීම හෝ ආර්ථික ප්‍රශ්න විසඳීම වැනි ක්ෂණික සහන පොරොන්දු වීම හරහා පීඩිත ජනතාව ආකර්ෂණය කර ගැනීම මඟින්, ඔවුන් පල්ලිය කෙරෙහි උදාසීනව සිටින කතෝලිකයන් පහසුවෙන් බිලී බා ගනිති. ඒ සඳහා සාම්ප්‍රදායික ආගමික වතාවත්වලට වඩා හැඟීම්බර (Emotional) සහ අන්තර්ක්‍රියාකාරී යාඥා ක්‍රම වැනි උපාය මාර්ග භාවිත කරති.
පාරම්පරික ආගම් මඟින් පවත්වාගෙන ගිය විනය සහ වාර්ගික සමගිය පදනම් වූ සදාචාරය වෙනුවට, අන්ධ භක්තිය සහ පටු මූලධර්මවාදී අදහස් පැතිරීම සමාජයීය බෙදීම් ඇති කිරීමට සමත් වේ. එමෙන්ම දැනට ස්වේච්ඡා සංවිධාන හෝ සමාගම් ලෙස ලියාපදිංචි වී ආගමික ප්රචාරණයේ යෙදෙන කණ්ඩායම් නියාමනය කිරීමේ අවශ්‍යතාව සිවිල් සංවිධාන පෙන්වා දෙයි. සාම්ප්‍රදායික කතෝලික ප්‍රජාව වෙසෙන මීගමුව, හලාවත වැනි ප්‍රදේශවල මෙන්ම උතුරු නැඟෙනහිර හින්දු ප්‍රජාව අතර ද මෙම තත්ත්වය දක්නට ලැබේ. මෙය පාලනය කිරීමට නම් නීතිමය පියවර මෙන්ම, සාම්ප්‍රදායික ආගමික ආයතන විසින් තම අනුගාමිකයන්ගේ ආධ්‍යාත්මික සහ සමාජීය අවශ්‍යතා වෙනුවෙන් මීට වඩා සමීපව මැදිහත් වීම (Social Outreach) අත්‍යවශ්‍ය වේ.

සමස්තයක් ලෙස ගත් කල, තෙප්පම් ධීවර කර්මාන්තය යනු හුදෙක් රැකියාවක් පමණක් නොව ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයක් ද වේ. එබැවින්, නීතිවිරෝධී පන්න ක්‍රම මැඩපැවැත්වීම සඳහා පවතින ගැසට් නිවේදන අකුරටම ක්‍රියාත්මක කිරීමත්, සාම්ප්‍රදායික ධීවරයන්ට හිමි මුහුදු සීමාව සුරක්ෂිත කිරීමත් රජයේ සහ අදාළ බලධාරීන්ගේ වගකීමකි. මෙය නිසි ලෙස ඉටු නොවන්නේ නම්, මීගමුව වැනි ප්‍රදේශවල අනාදිමත් කාලයක සිට පවතින මෙම සුවිශේෂී ධීවර සංස්කෘතිය සහ කුඩා පරිමාණ ධීවරයාගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ පැහැදිලි අවදානමක් පවතී.
සංස්කෘතික උරුමය රැකගැනීමේ වගකීම
සමස්තයක් ලෙස ගත් කල, තෙප්පම් ධීවර කර්මාන්තය යනු හුදෙක් රැකියාවක් පමණක් නොව ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයක් ද වේ. එබැවින්, නීතිවිරෝධී පන්න ක්‍රම මැඩපැවැත්වීම සඳහා පවතින ගැසට් නිවේදන අකුරටම ක්‍රියාත්මක කිරීමත්, සාම්ප්‍රදායික ධීවරයන්ට හිමි මුහුදු සීමාව සුරක්ෂිත කිරීමත් රජයේ සහ අදාළ බලධාරීන්ගේ වගකීමකි. මෙය නිසි ලෙස ඉටු නොවන්නේ නම්, මීගමුව වැනි ප්‍රදේශවල අනාදිමත් කාලයක සිට පවතින මෙම සුවිශේෂී ධීවර සංස්කෘතිය සහ කුඩා පරිමාණ ධීවරයාගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ පැහැදිලි අවදානමක් පවතී.
රීටා ජෙනට් පෙරේරා