බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (18) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවයි.එමෙන්ම වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.