පෙට් ස්කෑන් පරීක්ෂණ සේවා යළි ඇරඹේ

රජයේ රෝහල්වල අඩාල වී තිබූ පෙට් ස්කෑන් පරීක්ෂණ සේවාව සඳහා රෝගීන් ලියාපදිංචි කිරීම යළි ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසුවේ ඒ සඳහා භාවිතා කරන විකිරණශීලී රසායනිකය ඉදිරි දිනවලට දිවයිනට පැමිණෙන බවයි.

පෙට් ස්කෑන් පරීක්ෂණය මගින් පිළිකා සෛල නිවැරදිව හඳුනා ගැනීම සහ එහි ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම, පිළිකා සෛල පැතිරී ඇති ප්‍රමාණය නිශ්චිතව හඳුනා ගැනීම, පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව පිලිකා සෛල සාර්ථකව විනාශවීද යන්න තහවුරු කර ගැනීම නිවැරදිව සිදු කළ හැකියි.

කෙසේ වෙතත් පසුගිය මාර්තු 27 වැනිදා සිට අදාළ පරික්ෂණ කිරිමට භාවිත කරන රසායනිකයේ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණ හිටියා.එම රසායනිකයේ හිඟයක් මතුවූයේ ආනයනය කරන සැපයුම්කරුගේ ලියාපදිංචිය සිදුකිරිම ප්‍රමාද වීම හේතුවෙන්.

කාලීන පුවත්