මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර හතරකට හදිසියේ මාරු කරයි

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයට සිදු වූ දැඩි හානි සැලකිල්ලට ගනිමින්, එහි රඳවා සිටි සියලුම කාන්තා රැඳවියන් වාරියපොළ, බෝගම්බර, අඟුණකොළපැලැස්ස සහ කුරුවිට යන බන්ධනාගාර වෙත වහා මාරු කිරීමට පියවර ගෙන තිබේ.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, හදිසි ආරක්ෂක සහ පරිපාලනමය පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියන් 166 දෙනෙකු මෙලෙස ඉවත් කළ බවයි.පසුගිය දිනවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මීගමුව බන්ධනාගාර ගොඩනැගිලි ඇතුළු බන්ධනාගාර දේපල වලට බරපතළ ව්‍යුහාත්මක හානි සිදුව ඇත. මෙම තත්ත්වය යටතේ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම නිසා ඔවුන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට සිදුවූ බව බන්ධනාගාර බලධාරීහු පවසති.

කාලීන පුවත්