ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව පාරිභෝගිකයන් බහුලව භාවිතා කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය වී තිබේ.කි.ග්රෑ. 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 300 කින් මිල ඉහළ දමා ඇති අතර, එය පෙර පැවති මිලට සාපේක්ෂව 8.13% ක වැඩි වීමකි. ඒ අනුව එහි නව මිල රුපියල් 3,990 ක් වේ.කි.ග්රෑ. 5 ගෑස් සිලින්ඩරය රුපියල් 120 කින් මිල ඉහළ දමා ඇති අතර, එය පෙර පැවති මිලට සාපේක්ෂව 8.10% ක වැඩි වීමකි. එහි නව මිල රුපියල් 1,602 ක් ලෙස සටහන් වේ.කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරය රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.ලිට්රෝ සමාගම පවසන්නේ ජාත්‍යන්තර ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් අවශ්‍ය අවම සංශෝධනය සලකා බැලීමෙන් පසුව මිල ගැලපීම සිදු කළ බවය.