වී රජයේ වී මිල අසාධාරණයි

මෙවර කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය විසින් නියම කර ඇති මිල ගණන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යා (Department of Crop Science) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි. මෙම කන්නයේ වී කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 137ක පමණ වියදමක් දැරීමට ගොවියාට සිදුවන බවත් එහෙත් රජය නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගැනීමට තීරණය කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. නිෂ්පාදන වියදමටත් වඩා අඩු මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියාට කිලෝවකින් රුපියල් 7ක සිට 17ක් දක්වා පාඩුවක් සිදුවන බව මහාචාර්යවරයා අවධාරණය කළේය.තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රජය සහල් ආනයනය කිරීමට තීරණය කරන අවස්ථාවේදී පවා රට තුළ සහල් අතිරික්තයක් පැවති බවයි. එම වැරදි තීරණය වර්තමානයේ උද්ගතව ඇති වී අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බව ද මහාචාර්ය අරුණ කුමාර මහතා සඳහන් කළේය.ඔහු කෘෂිකාර්මික ක්ෂේත්‍රය, බෝග විද්‍යාව සහ වැවිලි වනාන්තර වගාව පිළිබඳ මෙරට සිටින ප්‍රමුඛ පෙළේ විද්වතෙකි.

කාලීන පුවත්