ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසයේ පැවති ඇමරිකානු ඩොලර් මිලියන 6,929ක ප්රමාණය සැප්තැම්බර් මාසය වන විට 1.1% කින් පහළ ගොස් තිබෙන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ඒ අනුව 2026 සැප්තැම්බර් මාසය අවසාන වන විට මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6,851ක් දක්වා අඩුවී තිබෙන බවයි.
මෙම නිල සංචිත වත්කම් සඳහා චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්රතිපාදන ද ඇතුළත් වන බව මහ බැංකුව සඳහන් කරයි.