සීමාවාසික පුහුණුව සඳහා වෛද්‍ය සිසුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ ඔවුන් අගෝස්තු මාසයේදී බඳවා ගන්නා අතර විදේශ රටවල උපාධිය හැදෑරු සිසුන්ද එහිදී බඳවා ගැනීමට නියමිත බවයි.
එමෙන්ම වෛද්‍ය හිඟය මගහරවා ගැනීමට එය පිටිවහලක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.