මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මෑණියන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නැන්දණිය වූ ශිරානි වික්‍රමසිංහ මහත්මිය ඊයේ(08) අභාවප්‍රාප්ත වනු ලදුව දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේම සිදු කරන ලදී.සොයුරු සොයුරියන් නව දෙනකුගෙන් යුත් පවුලේ දෙවනියා වන අතර ශිරානි වික්‍රමසිංහ මහත්මියගේ වැඩිමහල් සොයුරිය ද මීට කලකට පෙර කලුරිය කළාය ඇයට බාල සොහොයුරන් දෙදෙනෙක් සහ සොහොයුරියන් පස් දෙනෙක් සිටින අතර ඔවුහු සියලුම දෙනාම පාහේ නිහඬ චාම් ජීවිත ගත කරමින් සමාජ සේවා වැඩ කටයුතුවල නිරතුරුවම නිරත වෙති. නාවල ප්‍රදේශයේ ඉඩම් හිමි ධනවත් පවුලක් වන රොද්‍රිගු සහ කුරේ පවුල නමින් ප්‍රකට වූවත් ශිරාණි මහත්මිය විවාහ වීමෙන් පසු ශිරාණි වික්‍රමසිංහ නම් විය.
නාවල පාසල් මාවතේ අක්කර පහකට ආසන්න භූමි භාගයක ජීවත් වන බොහොමයක් පවුල් හි ඉඩම් අයත් වන්නේ මෙම පරම්පරාවට ය ඔවුන් ඒ සියල්ල අත්හැර දමන ලදී.
මියගිය ශිරාණි වික්‍රමසිංහ මහත්මිය විසින් තමන් සතු අක්කර එකහමාරකින් යුත් භූමියක් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට පරිත්‍යාග කළ අතර අද පොදු සුසාන භූමියක්ව පවතින නාවල සුසාන භූමිය ද කලින් එම පරම්පරාවට අයත් පෞද්ගලික දේපලක් බව පැවසෙයි.නමුත් ඔවුන් සමාජයට පරිත්‍යාග කළ කිසිවක් ගැන අදටත් කිසිදු සඳහනක් නොමැති අතර එසේ සමාජ සේවය මඟින් ප්‍රසිද්ධ වීම ද ඔවුන් ප්‍රතික්ෂේප කළ බව පැවසෙයි. ශිරානි වික්‍රමසිංහ මහත්මියගේ දේහය කොළඹ ජයරත්න අවමංගල්‍යාගාරයේ තැන්පත් කරනු ලදුව අවසන් කටයුතු ඊයේ පස්වරුවේ කලින් තම පරපුර සතු භූමි භාගයක් ව තිබූ නාවල පොදු සුසාන භූමියේ දී සිදු කරන ලදී.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ අවසථාවට එක් විය.