කුමාර ජයකොඩිට පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුනක්

බලශක්ති අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතාට පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම කතානායක වරයාට නිල වශයෙන් දැනුම් දුන් වහා අදාල අසුන් පැනවීම කරන බව ද පැවසේ.කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය ධූරයෙන් පසුගිය 17 සිකුරාදා ඉල්ලා අස්විය. ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු ස්වාධීන ලෙස පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම සඳහා බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් කියා තිබිණි.නමුත් එය මුල් කොට මින් පෙර ඉල්ලා අස්විය යුතු බවට විවිධ පාර්ශවයන් ගෙන් යොමු වූ ඉල්ලීම් මත ද ඔහු කලක් එම අසුනේ රැඳී සිටියේ ය.ජනාධිපති වරයාගේ සමීපතමයකු බව පැවසෙන කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙනි. බලශක්ති අමාත්‍යවරයා සමග එම අමාත්‍යාංශයේ ලේකම්වරයාද පසුගිය සිකුරාදා ඉල්ලා අස්විය.

කාලීන පුවත්