වැට් බද්ද ඉහළ නැංවීම හේතුවෙන් ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට මෙරට සියලු ජංගම සහ ස්ථාවර දුරකථන, අන්තර්ජාල සබඳතා සහ රූපවාහිනී සේවා ගාස්තු 15% සිට 18% දක්වා වැඩි වන බව වාර්තා වෙයි.මේ වන විට අත්‍යාවශ්‍ය සේවා අතරට පත් ව ඇති එම සේවාවන් හි ගාස්තු ද මෙලෙස ඉහළ නැංවීම මෙරට සාමාන්‍ය ජනතාව මේ වන විට අත් විඳින ආර්ථික පීඩනය තව දුරටත් ඉහළ නැංවීමට සමත් වන බව බොහෝ දෙනකු ගේ මතය වී තිබේ.