පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ඉකුත් දා ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන මහතා ය.පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් පවතින බව පෙත්සම්කරු සඳහන් කර තිබේ. එබැවින් එවැනි අත්අඩංගුවට ගැනීමක් වළක්වන අතුරු නියෝගයක් සහ අදාළ විමර්ශන සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වන රිට් ආඥාවක් ද නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් 270කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එම ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම විමර්ශන පවත්වනු ලබයි.මෙම පෙත්සම ඉදිරි දිනක සලකා බැලීමට නියමිතය.