දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුළ උද්ගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුළ ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදි බැස ඇති බැවින් දූෂිත පාලකයින් ලබාදෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සිය දහස් වාරයක් සිතා බලන්නැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.ඒ තම ෆේස්බුක් පිටුවේ සඳහනක් තබමිනි.එම සටහන මෙලෙසිනි.
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමනි,
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි.
මාගේ අණ හා විධානය යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට සේනාංක මෙහෙයවු ඔබ, මේ මොහොතේ රට තුළ පැනනැගී ඇති අතිශයින් සාමකාමී සිවිල් ජන අරගලය මර්දනය කිරීමට දූෂිත පාලකයින් ලබාදෙන අනීතික නියෝග පිළිබදව සියදහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.
දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුළ උද්ගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුළ ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදි බැස තිබේ.
සිය බලය පවත්වාගැනීම වෙනුවෙන් පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් පුරවැසියන් මර්දනය කිරීමට රාජපක්ෂ රජය දරන කුමන හෝ උත්සාහයක් ඉතා පිළිකුල් සහගත ලෝකයේම අප්‍රසාදයට ලක්වන ක්‍රියාවලියක් වනු ඇත.
මා යටතේ මානුෂීය මෙහෙයුමක නියමුවන් වූ වීරෝදාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසි විටෙකත් මම බලාපොරොත්තු නොවෙමි.
එබැවින් යළි යළිත් මා ඔබට අවධාරණය කරන්නේ දූෂිත පාලකයින් ලබාදෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සියදහස් වාරයක් සිතා බලන ලෙසයි.
ස්තුතියි.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා.