මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලේ ශුද්ධ අලාභය රුපියල් කෝටි 2000 ඉක්මවයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ විදේශ ණය මත තනන ලද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව ලක්ෂ දහයක් වුවත් පසුගිය වසර පහ තුළම පැමිණ ඇත්තේ ගුවන් මගීන් ලක්ෂයකටත් අඩු පිරිසක් එනම් අනූ එක් දහස් හත් සිය හතළිස් හතක් පමණක් බවත් 2017 වසරේ සිට 2021 වසර දක්වා බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් කෝටි 2000කට වැඩි බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.ගුවන් තොටුපොළේ වියදම (මෙහෙයුම් පිරිවැය ) රුපියල් කෝටි 200 ඉක්මවා ඇතත් එම වියදම ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බව ද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.තවද ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා ලබාගත් ඇමරිකානු ඩොලර් කෝටි 19 ක ණය සඳහා පොලිය ඇතුළුව වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් කෝටි 261 ට වැඩි මුදලක් සමාගම විසින් ගෙවනු ලැබ තිබූ බවද එහි වැඩිදුරටත් සඳහන් ය.

කාලීන පුවත්