මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ දේපල යළි දුම්රිය දෙපාර්තමේන්තුවට

වසර 20කට අධික කාලයක් බදු පදනම මත පවත්වාගෙන ගිය නාවලපිටිය දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පවත්වා ගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම සතු සියලු නිශ්චල සහ චංචල දේපළ අද (02) පෙරවරුවේ නිල වශයෙන් යළි දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදී.පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා ප්‍රකාශ කර සිටියේ, පදනම් පරිශ්‍රය තුළ සීල භාවනා වැඩසටහනක් පවැත්වීම සඳහා ඉඩ ලබාදීම මගින් බදු ගිවිසුම් උල්ලංඝනය වී ඇති බවට දැනුම්දෙමින් මෙම ඉවත්වීම සිදුකරන ලෙස තමන්ට දන්වා සිටි බවයි.නාවලපිටිය තරුණ බෞද්ධ සංගමය වෙනුවෙන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මෙහෙයවන “සදහම් සුවඳ” පින්කම සඳහා එම භූමිය ලබාදීම මෙලෙස ගිවිසුම් කඩකිරීමක් ලෙස බලධාරීන් පෙන්වා දී ඇත.පසුගිය දෙසැම්බර් මාසයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ විසින් මෙම දේපළ මාසයක් ඇතුළත පවරා ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබිණි.

කාලීන පුවත්