අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට කටුනායක දී අසාධාරණයක් වුණේ නැහැ

අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට කටුනායක දී අසාධාරණයක් වුණේ නැහැ ජාත්‍යන්තර ගෞරවාදරයකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට අපහසුතාවක් ඇතිවන පරිදි කටුනායක ගුවන් තොටුපළේ කටයුතු සිදු වූ බවට සමාජ මාධ්‍ය තුළ පැතිරෙන පුවත මුළුමනින්ම අසත්‍යයක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරයි.එම පුවතට අනුව පසුගිය 31 දින පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් වෙනත් ගුවන් සේවාවකට අයත් ගුවන් යානයකින් මෙරටින් පිටත්ව යෑමට නියමිතව සිට ඇත.නමුත් අදාළ ප්‍රමාදය සිදුවන අවස්ථාවේ දී කඩිනමින් ඉදිරිපත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් එම හිමියන්ට සිය ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබේ. එබැවින් මෙම සිදුවීම සිදුවන අවස්ථාව වනවිට අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් වෙත හෝ වෙනත් ගමනාන්තයක් වෙත ගමන් කිරීමට නියමිතව සිටි බව බව පැවසෙන පුවත මුළුමනින්ම අසත්‍ය බව එම ගුවන් සේවය ප්‍රකාශ කරයි.අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් පසුගිය 31 දින අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද, උන්වහන්සේ නියමිත ගුවන් යානයයෙන් රැගෙන නොයාම හේතුවෙන් පැය 12කට අධික කාලයක් එහි රස්තියාදු වීමට උන්වහන්සේට සිදු වූ බවද පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත් කර යවා ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

කාලීන පුවත්