අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජනය සියයට 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කළුආරච්චි මහත්මිය සඳහන් කළාය.

ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාළයේදී ජල සැපයුම අඩාල වීම හෝ නොලැබී යාම සිදුවිය හැකි බවත් ඇය සඳහන් කළාය.

කාලීන පුවත්