උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණයෙන් මතු වූ ගැටලු රැසකට විසඳුම්

උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට අනුරාධපුර දක්වා නවීකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ගැටලු රැසකට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියි.

දුම්රිය මාර්ගය පැවැති මට්ටමට වඩා අඩි දෙකක් පමණ නවීකරණයේ දී ඉහළ එසවීම හේතුවෙන් ජලය බැසයාම, හරස් මාර්ග රථවාහන ගමනා ගමනයට අපහසු වන පරිදි ඉහළට එසවී තිබීම යන කරුණු කෙරෙහි එහිදී දැඩි අවධානයක් යොමු විය.

කෙසේ වෙතත් එහි දී අනාවරණ වුණේ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් මෙම ගැටලු මතුව ඇති බවයි.

කාලීන පුවත්