අප්‍රියෙල් 14 වන දා වැලිකඩ සිරබත් වෙනුවට කිරිබත්;කිරිබතට සහල් කිලෝ හත් සියයක්

මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 14 වැනිදා විශාලතම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.එදින වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත.සහල් කිලෝ 700කින් යුතු එම කිරිබත සකස් කිරීමට බන්ධනාගාර රැඳවියන් හතළිස් දෙනෙකු පමණ එක් කර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් වෙනුවෙන් එය සැකසෙන අතර පසුගිය 06 දා වන විට එම අංශ තුනෙහි රඳවා ඇති මුළු රැඳවියන් සංඛ්‍යාව 4,064කි.

කාලීන පුවත්