අප්‍රේල් මස 29 සිට ඉන්දු- ලංකා බෝට්ටු සේවයක්

ලබන අප්‍රේල් මස 29 වන දා සිට කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබේ.ඒ ඉන්දීය සමාගමක් විසිනි.මෙම යාත්‍රාවේ ගමන් වාරයකට ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 50 ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 16000 ක් පමණක් වෙයි.ඒ සදහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ කටයුතු මේ වන විට අරම්භ කර තිබෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවය විවෘත බවද අමාත්‍යවරයා සදහන් කර ඇත. ඉන්දියාවේ පොන්ඩිචෙරි සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය අතර යෝජිත සේවාව සම්බන්ධයෙන් මාර්තු 24 වන දින වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කරන ලදී.

කාලීන පුවත්