2015 ට කලින් අධිවේගී මාර්ග වලින් ගසා කෑවේ කවුද? කියා ජනතාව දන්නවා

අද මේ රටේ ජනතාව භුක්ති විඳින්නේ 2015 පෙර නායකයන් දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව රට සංවර්ධනය කිරීමේ මුවාවෙන් ජනතාවගේ මුදල් සොරකම් කිරීමේ ප්‍රතිඵල බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කරයි”2015 ට මේ රටේ සංවර්ධනයට ලෝක බැංකුව,ආසියානු සංවර්ධන බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,යුරෝලා සංගමය,ඉන්දියාව ජපානය අපට උදව් කළා.ඒ මුදල් වලින් 40%ක් පනහක් 50%ක් ගසා කෑවා.අද අපි බොහොම ලස්සනට අධිවේගී මාර්ග වල යනවා තමයි.රටකට අධිවේගී මාර්ගත් ඕනෙ.ඒත් ඒ ගසා කෑවේ කවුද?කියන එක කවුද කියන එකත් තමුන්නාන්සෙලා දන්නවා”මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගාල්ලේ සංවිධාන කර තිබූ ජන හමුවකට එක්වෙමිනි.

කාලීන පුවත්