අපි සරම මහගන්න කලින් කලිසම ගලවා ගත්තා

”අපි කාබනික පොහොර ටික හදාගෙන ගොවිතැන් කරපු මිනිස්සු .පස්සේ ටිකෙන් ටික බටහිරින් ආපු රසායනික පොහොරවලට අහුවෙලා කෘෂිකර්මාන්තයෙත් කලිසම ගහගෙන තමයි හිටියේ. ඒ කලිසම ගලවන්න ඕනේ නැත්තං අපි කන්නේ වස විස. හැබැයි කලිසම ගලවන්න ඉස්සෙල්ලා සරම මහගන්න තිබුණා.අම්මට සිරි! ඒත් අපි කලිසම ගැලෙව්වෙ සරම මහගන්නේ නැතුව. කලිසම ගැලෙව්වා.දැන් කලිසමක් නෑ. සරමත් නෑ. මොකද දැන් කරන්න ඕනේ කලිසම ගැලෙව්වා. සරම ඇඳ ගත්තෙ නැහැ කියලා දැන් ආයෙත් කලිසම අඳින්න ඕනෙද? නැහැ. පුළුවන් තරම් ඉක්මනට අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ආණ්ඩුව මේ දවස්වල ඉන්නේ එතන”පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කීය.ඔහු එසේ ප්‍රකාශ කළේ ගොවි විරෝධතා පිළිබඳව ඊයේ(16) මාධ්‍යයට අදහස් පළ කරමිනි.

කාලීන පුවත්