Night Time Data පැකේජ ගැන තීරණයක්

කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් පවසනවා.

දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන ⁣මෙම data පැකේජ සම්බන්ධයෙන් ජනතාවගෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙන බවත් මෙම ගැටලුව මතුව ඇත්තේ එම ආයතන මගින් සිදු කර ඇති වැරදි වෙළඳපොල සන්නිවේදන උපක්‍රම හෙයින් බවත් ඔහු සඳහන් කළේ.

මෙතෙක් කල් එම සමාගම් මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 8 දක්වා ලබාදී ඇති data ප්‍රමාණයට මුදල් අය කිරීමක් සිදු කර නොමැති බව ඔහු පැවසීය.

මේ වන විට ඒ ඒ සේවා සපයන ආයතන මගින් දහවල් සහ රාත්‍රී ලෙස වෙන් නොකරන ලද වඩා ලාභදායී data පැකේජ ලබාදී ඇති බවත් එම ආයතනවල වෙබ් අඩවි වෙත ගොස් තමාට අවශ්‍ය නව පැකේජයකට මාරු වීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කාලීන පුවත්