තත්වය තවමත් සතුටු දායක නැහැ; දෙසැම්බර් අග තෙක් ගමන් සීමා කරන්න

මේ වන විටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 700කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බැවින් තත්වය තවමත් සතුටු දායක අතට හැරී නොමැති බැවින් කොවිඩ් වසංගතය පහ ව ගිය බවක් සළකා කටයුතු නොකළ යුතු බවත් අඩුම තරමින් දෙසැම්බර් මාසයේ අවසානය වන තෙක් හෝ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් හැකි තාක් සීමා කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියයි.මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 649 ක් ඊයේ(16) දිනයේදී ද හඳුනා ගැනුණු අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 531,070 දක්වා ඉහළ ගොස් තිබේ.දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 25,293 ක් වන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 492,305 දක්වා ඉහළ ගොස් තිබේ.මේ අතර සංචරණ සීමා ඉවත් කර ගැනීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොසළකා කටයුතු කිරීම මත නැවත කොවිඩ් වසංගතය හිස එසවීමට සහ එහි ව්‍යාප්තියත් සමඟ නව බිහිසුණු කොවිඩ් ප්‍රභේද බිහි විය හැකි බවටත් ඒ අනුව දැනට පැවැති තත්වයන්ටත් වඩා දැඩි අන්තරාකාරී තත්වයක් අනාගතයේ ඉස්මතු විය හැකි බවටත් වෛද්‍ය අංශ අනතුරු අඟවයි.

කාලීන පුවත්