අපේ වැඩ බිම් වල ඉන්දියානු කම්කරුවෝ

අපේ වැඩ බිම් වල ඉන්දියානු කම්කරුවෝ විවිධ ක්‍රම මඟින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ජාතිකයින්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර සංචාරකයන් ලෙස මෙම මාසය තුළ මෙහි පැමිණි සංඛ්‍යාව පමණක් 22,388 ක් බව ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වේ.ඊට අමතරව තාවකාලික වීසා බලපත් මත මෙරටට පැමිණ ඇති ඉන්දියානුවන් සැලකිය යුතු පිරිසක් දිගින් දිගටම මෙරට රැඳී සිටිමින් කර්මාන්ත ශාලා සහ වෙනත් වැඩ බිම් වල කම්කරුවන් වශයෙන් තාවකාලික රැකියා කරන බව ද වාර්තා වෙයි.ඒ අතර ඔවුන් ගෙන් සමහරකු ඉන්දියානුවන් හට නුදුරේ දීම ශ්‍රී ලංකාවේ ඕනෑම කටයුත්තකට ඉඩ සැලසෙන බවට පැතිර ගිය පදනම් විරහිත කටකතාවක් පාදක කරගෙන මෙහි රැඳී සිටින බව ද වාර්තා වෙයි.

කාලීන පුවත්