“බාගෙට සැප” බස් අදින් ඉවරයි

අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව අද(30) සිට අහෝසි වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව අහෝසි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මගී ප්‍රවාහවය සදහා නිකුත් කර ඇති අර්ධ සුඛෝපභෝගී මගී සේවා අවසරපත්‍ර 2023.06.30 දිනට පෙර අදාළ අවසර පත්‍ර හිමියන්ගේ කැමැත්ත මත සුඛෝපභෝගී හෝ සාමාන්‍ය බස් රථ සේවාවක් සදහා සංශෝධනය කර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

කාලීන පුවත්