අවශ්‍ය වුණොත් යට ඇඳුම් සතොස මඟින්

පනවා ඇති නව ආනයන සීමාවන් හේතුවෙන් රට තුළ යට ඇදුම් හිඟයක් නැති බවත් ශ්‍රී ලංකාව නම ගිය යට ඇඳුම් ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද කරන රටක් බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.අප රටේ යට ඇඳුම් හිඟයක් පවතින බවක් කිසිවෙකු පවසන්නේ නම් අවශ්‍ය තරම් තොග ඔහු වෙත ලබා දීමට සූදාම් බවත් අවශ්‍යතාවය මත ඉදිරියේදී සතොස වෙළදසැල් ජාලය හරහා යට ඇඳුම් බෙදා හැරීමට සූදානම් බවද අමාත්‍ය වරයා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මෙරට රෙදිපිළි නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ද සමඟ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එමෙන්ම ඉදිරියේදී නාරාහේන්පිට “රජ වාසල” මුල් කොට යට ඇඳුම් මහා පරිමාණ සල්පිලක් පැවැත්වීමට සූදානම් බව ද ඇමති වරයා කියයි.

කාලීන පුවත්