මුහුදු රළ ඉහළ යාමේ කාලගුණ නිවේදනය සමඟ අඟුලානේ සුනාමි බියක්

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5 ත් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව න්වේදනය කරයි.(සැ:යු:මේ ගොඩබිමට එන රළ පහරේ උස නොවේ).මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ යම් හැකියාවක් සහ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
ඒ අනුව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවගෙන් මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාවගෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.එහෙත්,මෙය සුනාමි තත්වයක් වශයෙන් පැතිර ගිය වැරදි ආරංචියක් මත මොරටුව අඟුලානේ වෙරළාසන්නව ජීවත් වන ජනතාව මහත් කලබලයට පත්ව තම නිවෙස් වසා දමා කුඩා දරුවන් සහ ආරක්ෂිත ස්ථාන සොයා දිව ගිය බව වාර්තා වෙයි..මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අඟුලාන පොලීසියෙන් කළ විමසීමක දී එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ ඒ වන විට එහි එවන් කලබලකාරී තත්වයක් පැන නැඟී ඇති බවත් ඒ ජතතාවට ආරක්ෂාව සැපයීමට පොලීසිය කටයුතු කරමින් හිඳින බවත් ය.

කාලීන පුවත්