අහිංසා ස්මාරකය අද්දරට පානීය ජල පිරිපහදු කට්ටලයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අවිහිංසා ස්මාරකය පිහිටි ගල්ගමුව, සෙනරත්ගම පූලංචිය වැව අද්දර පිහිටි ගිමන් හල සහ පරිසර උද්‍යානය සඳහා විශේෂඥ වෛද්‍ය ප්‍රියමාලි ජයසේකර මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද පානීය ජල පිරිපහදු කට්ටලය ගල්ගමුව ප්‍රාදේශීය සභාව වෙත භාරදීම අද (26) පෙරවරුවේ සිදු කරන ලදී.

මෙහිදී එම ජල පිරිපහදු කට්ටලයේ ප්‍රථම ජල වීදුරුව ගිරිඋල්ල මැද්දෙපොල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මිරිහානේ ධම්මපාල හිමියන් වෙත ප්‍රධානය කෙරිණි.

කාලීන පුවත්