ආත්ම විශ්වාසය ඇත්නම් අපි මේ ඡන්දෙනුත් දිනුම්!

ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරි පළාත් පාලන ඡන්දයට මුහුණ දුනහොත් ඉන් ජයග්‍රහණය කිරීම අසීරු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. ඒ ඊයේ (07) සවස මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම නිල නිවසේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක හමුවක් අමතමිනි.මෙම විශේෂ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සහභාගී වී ඇත.රට හමුවේ ඇති ආර්ථික අභියෝගයට පක්ෂය මැදිහත් වන ආකාරය සහ එළඹෙන මැතිවරණයට පක්ෂය මුහුණ දෙන ආකාරය පිළිබඳ එහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

කාලීන පුවත්