ඇඳිරිය ඉවත් කළත් දුම්රිය අන්තර් පළාත් බස් නෑ

ඔක්තෝම්බර් (01) සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් ඉන්පසු සති දෙකක කාලයක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියයි.
එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පලාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට ද පියවර ගන්නා බව කී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ බලධාරීන් ගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවකි.නමුදු ඉන් පසු ප්‍රාදේශීය වශයෙන් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්