ඇල්ල – කරඳගොල්ල නාය යාම උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇති වූවක් නොවේ

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයෙන් පසුගිය දා වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය මුල් කොට සිදු වූ පාරිසරික හානියක් නොවන බව සනාථ වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.එම නාය යාම හා උමා ඔය ව්‍යාපෘතිය අතර සම්බන්ධතාවක් තිබේද යන්න විමසීම පිණිස භූ විද්‍යාඥයන් ඇතුළු විශේෂඥයන් පිරිසක් කළ ස්ථානීය පරීක්ෂණයකින් කරඳගොල්ල නායයෑම අධික වාර්ෂාව හේතුවෙන් ඇති වූ සාමාන්‍ය නායයෑමක් බව තහවුරු වී ඇතැයි මහාචාර්යවරයා කීය

කාලීන පුවත්