ඉදිරි යල කන්නයේ මඩ පොහොර නොමිලේ

ඉදිරි යල කන්නයේ දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය මඩ පොහොර හෙවත් ට්‍රිපල් සුපර් ෆොස්පේට් පොහොර නොමිලේ සපයන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි.ඒ සඳහා අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36 දහසක් රැගත් නෞකාවක් ලබන මස මුල් සති දෙක තුළ මෙරටට ළගාවීමට නියමිත බව ද පැවසෙයි.මෙම මහ කන්නයේ ද ගොවීන්ට මඩ පොහොර සැපයීමට රජය තීරණය කර තිබුණ ද රුසියානු-යුක්රේන යුද ගැටුම් හේතුවෙන් පොහොර අපනයනය යුක්රේනය අත්හිටුවා තිබු බැවින් ඒවා මිලදී ගැනීමට නොහැකි වූ මුත් යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර සැපයීමේ කිසිදු ගැටඵවක් නැතැයි ඇමතිවරයා කියයි.

කාලීන පුවත්