ඉන්දියන් පොහොර ගුවනින් ගෙනෙයි

ඉදිරි මහ කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර දීම සඳහා අවශ්‍ය වුවහොත් ඉන්දියානු ගුවනින් පොහොර ගුවනින් ගෙන එන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. ඒ ශ්‍රී ලංකාවේ දැනට නිෂ්පාදනය වන පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කරන ලෙස සහ ආනයනික පොහොර ප්‍රමාද වුවහොත් මහ කන්නයට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?යන්න සම්බන්ධයෙන් සමගි ජන බලවේග මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසිනි.
ඊට පිළිතුරු ලබා දෙමින් කෘෂිකර්ම අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසුවේ, චීනයෙන් පොහොර ආනයනය නැවතීම මත එළඹෙන මහ කන්නයට කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවකි.

කාලීන පුවත්