ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට යළිත් ඉහළට

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කළ බව යි.

ඒවා ඇගයීමෙන් පසු ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ නංවන බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කාලීන පුවත්