ජනපති අද ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත ය.දෙරට අතර සමාජ ආර්ථික සහයෝගීතාව තව දුරටත් වර්ධනය කෙරෙන එකඟතාවයන් රැසකට මෙම සංචාරයේ දී මුල පිරෙන බව සඳහන් ය.ජනපති වරයා නොමැති කාලය තුළ රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් ෂෙහාන් සේමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන බව ද පැවසෙයි.එම අමාත්‍යංශ දෙකම ජනාධිපති වරයා යටතේ ක්‍රියාත්මක වන ඒවා ය.

කාලීන පුවත්