උඩරට දුම්රියේ ගාඩ්ලා වගකීම් පැහැර හරියි – සංචාරකයන්ගේ ජීවිත අනතුරේ

උඩරට දුම්රියේ අවදානම් ලෙසින් ගමන් ගන්නා විදේශිකයන් නිතර දැකිය හැක. නානුඔය, නුවරඑළිය, හපුතලේ, ඇල්ල දක්වා සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන් මෙසේ ගමන් ගැනීම බහුලව සිදුවේ.

එසේම පසුගිය කාලය තුළ විදේශිකයන් අනතුරු වලට මුහුණදුන් අවස්ථා බොහොමයක් තිබේ. ඔහිය දුම්රිය ස්ථානය තුළදී පසුගිය මාසයේ ඉරාන ජාතික සංචාරකයකු දුම්රියෙන් වැටී දකුණු කකුලේ ඇඟිලි පහක් ද අහිමි විය. එසේම ඇල්ල ආසන්නයේ විදේශීය කාන්තාවක්ද අනතුරට ලක්විය.

කෙසේ වෙතත් මෙසේ අනාරක්ෂිත ලෙස ගමන් කිරීම ගැන විදේශිකයන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව දුම්රිය මගීහු පවසති. විදේශිකයන් මෙසේ ගමන් ගනිද්දී දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුම්රියේ සිටියත් ඔවුන් ඒ පිළිබඳව මුනිවත රැකීම මගී ජනතාවගේ කළකිරීමට පත් වී තිබේ.

කාලීන පුවත්