ශ්‍රී ලාංකේය කේ.නාලනී ඉන්දීය මැතිවරණයේ දී ඡන්දය දෙයි

ඉන්දීය මැතිවරණයක දී සිය ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික සරණාගතයන්ගේ පළමුවැනියා බවට කේ.නාලනී පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.කොට්ටපත්තු කඳවුරේ දී ඊයේ (19) ඇය තම ඡන්දය ලබා දී තිබේ.38 හැවිරිදි නාලනී ඉන් පසුව මාධ්‍ය වෙත පවසා ඇත්තේ “ඉන්දියානුවන් ලෙස ඉන්දියාවේ බියෙන් තොරව ජීවත් වීමට හැකිවේවා” යනුවෙනි.1986 අප්‍රේල් මාසයේදී එරට ශ්‍රී ලංකා සරණාගත කඳවුරක නාලනී උපත ලබා තිබේ.ඇගේ මව්පියන් ඉන්දියානු ජාතිකයින් වන නමුත් තේ වතුවල වැඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති අතර මදුරාසි මහාධිකරණය හමුවේ ඇය ඉන්දීය පුරවැසියෙකු බව තහවුරු කර ඇත.

කාලීන පුවත්