හෝටලයක ශ්‍රීලනිප ගැටුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක කැඳවා තිබූ රැස්වීමකට ගොස් ඊට විරෝධය පළකීරිමට එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය ඊයේ (20) කටයුතු කර තිබුණි.එම පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම කැඳවා තිබූ බව වාර්තා විය. කෙසේ වෙතත් එය නීත්‍යනුකූල රැස්වීමක් නොවන බව පවසමින් භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් විරෝධය පළ කර තිබුණි.

කාලීන පුවත්