උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

ඔහිය සහ ඉඳල්ගස්හින්න අතර ප්‍රදේශයේදී පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයේ පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පස් සහ ගල් පෙරලීම හේතුවෙන් මාර්ගය සම්පුරණයෙන්ම අවහිර වී ඇති බවයි.

මහනුවර – නුවරඑළිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

කාලීන පුවත්